ඔස්ට්‍රේලියාව තුළ IELTS පරීක්ෂණයට ලොකු වෙනසක්

උසස් අධ්‍යාපනයට මෙන්ම වෙනත් සංක්‍රමණ වීසා සඳහා ඉල්ලුම් කිරීමේදී වැදගත් ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ අවශ්‍යතාවයක් වන IELTS පරීක්ෂණයට විශාල වෙනස්කමක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල සීමිත IDP IELTS මධ්‍යස්ථානවලදී ලබන මාසයේ සිට එය ක්‍රියාත්මක කෙරෙන අතර එය නම් කර ඇත්තේ One Skill Retake ලෙසයි.

කිසියම් අපේක්ෂකයෙකු මුල් අවස්ථාවේදී ඉලක්ක කළ ලකුණු ලබා නොගත්තේ නම් Listening, Reading, Writing & Speaking යන කොටස් හතරෙන් එක් කොටසක් සඳහා පමණක් නැවත පරීක්ෂණයකට පෙනී සිටීමට මේ යටතේ අපේක්ෂකයින්ට අවස්ථාව උදාවනවා.

විභාග අපේක්ෂකයින්ට කාලය ඉතිරි කර ගැනීමටත් අඩු දක්ෂතා දැක්වූ කොටස සඳහා වැඩි අවධානයක් යොමුකර ඉහළ ලකුණු ලබා ගැනීමට මේ හරහා හැකියාව උදාවීම විශේෂත්වයක්.

පළමු අදියරේදී, One Skill Retake එකක් තෝරා ගන්නා IELTS විභාග අපේක්ෂකයින්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංක්‍රමණ සහ අධ්‍යයන අරමුණු සඳහා භාවිත කළ හැකි second Test Report Form හෙවත් දෙවන පරීක්ෂණ වාර්තා පෝරමයක් ලබාදීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »