රජයේ රෝහල් සඳහා අයවැයෙන් ප්‍රතිපාදන කපා හැර ඇතැයි චෝදනා

රජයේ රෝහල් සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන කපා හැරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් අවධානමකට ලක්වීම සහ සැත්කම්වලට පවා බලපෑම් එල්ලවිය හැකි බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

පසුගිය වසර අයවැයට වඩා මෙවර අයවැයෙන් රජයේ රෝහල් සඳහා වෙන් කර තිබූ මුදල ඩොලර් මිලියන 755 කින් පමණ කපා හැර තිබෙනවා.

එමෙන්ම වසර 04 ක කාලයේදී කප්පාදු කිරීමට නියමිත සමස්ත මුදල ඩොලර් බිලියන 2.4 ක්.

සාමාන්‍ය ඔස්ටේ්‍රලියාවේ අයවැය ලේඛනයකින් සෞඛ්‍යයට ඉහළ අවධානයක් දුන්නද මෙවර එවැන්නක් දැකගත නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බටල්ර් පවසන්නේ කිසිදු මුදලක් කප්පාදු කර නොමැති අතර අවශ්‍යතාවයට අනුව මුදල් වෙන් කිරීමක් පමණක් සිදුව ඇති බවයි.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »