Search

දින 1000 ක් පැවති ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් හදිසි තත්වය අවසන්

දින 1000 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් හදිසි තත්වය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බ්‍රිස්බන් ඇතුලු ක්වීන්ස්ලන්ඩ් නගරවල කොවිඩ් හදිසි තත්වය බලාත්මක නොවනු ඇති.

ඊට සමගාමීව ලොක්ඩවුන් පැණවීම – ප්‍රාන්ත වසා දැමීම වැනි ක්‍රියා සඳහා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීට පැවති බලතල ද අහෝසි වනවා.

පසුගිය 20 වනදා වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් සටහන් කර තිබූ මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 16 ලක්ෂ 61 දහස් 628 ක්.

කොවිඩ් ආසාධනය වීමෙන් එහි මරණයට පත්වූ ගණන 2277 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඔක්තෝබර් 18 වනදා වනවිට ක්වීන්ස්ලන්ඩ් හි කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12 කට වැඩි සංඛ්‍යාවක් ලබා දී තිබුණා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »