නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා අගමැතිවරුන් නව එකගතාවයක

ඩොලර් මිලියන 558 ක වියදමින් රෝහල් ව්‍යාපෘතියකට මුල පිරීමට නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරුන් අද එකගතාවයකට එළැඹුණා.

VIC-NSW ප්‍රාන්ත දේශ සීමාවේ පිහිටා ඇති Albury Wodonga ප්‍රදේශයේ ජනතාවට Albury Base Hospital මගින් සහන සැළසෙන බවයි මෙහිදී නිවේදනය කෙරුණේ.

ප්‍රාන්ත රජයන් දෙක විසින් ඩොලර් මිලියන 225 බැගින් ආයෝජනය කිරීමට නියමිත අතර ඉතිරි ඩොලර් මිලියන 108 ක මුදල පොදු රාජ්‍ය මණ්ඩල රජයන් විසින් දැනටමත් ලබාදි තිබෙනවා.

තවත් මාසයකින් පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රධානතම සාධකය බවට පත්වී ඇත්තේද සෞඛ්‍ය ක්ෂේත්‍රයයි.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මෑතකාලීනව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිඥා රැසක්ද ලබාදුන්නා.

 

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »