Search

ඔස්ටේ්‍රලියානුවන්ට $ 6,600 ක වැටුප් වැඩිවීමක් ?

උද්ධමනය සහ ජීවන වියදමට මුහුණදීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට අවම වශයෙන් ඩොලර් 6600 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට ආර්ථික විශ්ලේෂකයන් තක්සේරු කර තිබෙනවා.

කැන්ස්ටාර් ආයතනය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ගතවූ වසර තුළ සිදුවූ මිල වැඩිවීම් සළකා බැලීමේදී අවම වශයෙන් ඩොලර් 6637 ක ගාස්තු ඉහළ යාම් සිදුවී ඇති බවයි.

වසර 32 කට පසු ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වැඩිම අගයකින් වර්ධනය වෙමින් මේ වනවිට සියයට 7.3 ක් ලෙස පවතිනවා.

අයවැය කථාව කරමින් ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ ඉදිරි වසර 02 තුළදි විදුලි බිල් ගාස්තු සියයට 50 කින් පමණ වැඩිවිය හැකි බවයි.

2024 වසරේ ජූනි වනවිට ඔස්ටේ්‍රලියානුවන්ගේ මාසික ඉතිරි කිරීම් ප්‍රතිශතය සියයට 3.25 දක්වා පහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »