
ගෘහස්ථ හිංසනයට අදාළව වැටුප් සහිත නිවාඩු ලබාදෙන පණත පාර්ලිමේන්තුවේදි සම්මත වී තිබෙනවා.
ඒ අනුව නිවසේදී කිසියම් මතභේදයකට මුහුණදී සිටින ඔස්ටේරලියානු සේවක සේවිකාවන්ට දින 10 ක කාලයක් සඳහා නිවාඩු ඉල්ලා සිටිය හැකි වනවා.
ලබන පෙබරවාරි පළමුවනදා සිට සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මෙම නීතිය බලාත්මක වනු ඇති.

කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථානවලට ඊට හැඩගැසීම සඳහා ලබන වසරේ අගෝස්තු පළමුවනදා තෙක් කාලය පවතිනවා.
විශේෂයෙන් කාන්තාවන්ට මෙමගින් සහන අත්වනු ඇති බවයි ඇන්තනී ඇල්බනීස් රජය අවධාරණය කරන්නේ.

ඔස්ටේ්‍රලියානු කාන්තාවන් අතරින් 1/4 ක් පමණ කුමන හෝ ගෘහස්ථ හිංසනයකට මුහුණ දී සිටින බව අනාවරණ වී තිබෙනවා.