Search

NSW ජංගම වේග සීමා කැමරා සංඥා ස්ථාපිත කිරිම නැවතත් අර්බුදයක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජංගම වේග සීමා කැමරා සංඥා ස්ථාපිත කිරිම නැවතත් අර්බුදයකට පත්වී තිබෙනවා.

අදාළ සංඥා ප්‍රමාණයෙන් විශාලවීම හමුවේ කැමරා සහිත මෝටර් රථවල රැගෙනයාමට නොහැකිවීම ඊට හේතුවයි.

ප්‍රාන්ත රජය සතු ජංගම කැමරා මෝටර් රථ 143 න් 47 ක්ම මෙම ගැටලුවට මුහුණ දී ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

එබැවින් අදාළ මෝටර් රථ වැඩි දියුණු කිරීමකට හෝ ඒ සඳහා වෙනත් මෝටර් රථ යොදා ගැනීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කරනවා.

වියදම් අඩු විකල්පයක් ලෙස ප්‍රමාණයෙන් කුඩා අනතුරු ඇගවීම් සංඥා නිපදවීමට යෝජනාවක්ද ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේවෙතත් ඒවා මහමගදී පෙරළීයාමට හෝ රියදුරන්ට දර්ශනය වීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම බවටයි හඳුනාගෙන ඇත්තේ.

2020 වසරේදී භාවිතයෙන් ඉවත් කල ජංගම වේග සීමා කැමරා සංඥා ලබන ජනවාරි පළමුවනදා සිට නැවතත් භාවිතයට ගැනීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »