
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ අබාධය හේතුවෙන්.
මේ අනුව බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරග ඇතුළු සම්පූර්ණ 20යි 20 ලෝක කුසලානය ම අහිමි වනු ඇති.

ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනාවක් ම ආබාධවලට ලක් වුණා.
ඒ අතර සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද වනවා.

ඊට අමතර ව සුපිරි පිතිකරු ධනුෂ්ක ගුණතිලක, වේග පන්දු යවන්නන් වන ප්‍රමෝද් ලක්ෂාන් හා දිල්ෂාන් මධුසංක ද ආබාධවලට ලක් වුණා.
ශ්‍රී ලංකා සංචිතයට අතිරේකව කැදවු නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ වීසා ගැටලුවක් හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට නවසීලන්තය සමගින් ලබන සෙනසුරාදා සිඩ්නි ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයි.