කප්පම ගෙවීම හැර Medibank ට වෙනත් විකල්පයක් නොමැති හැඩක්

සයිබර් ප්‍රහාරකයන් විසින් ඉල්ලා සිටින කප්පම් මුදල ගෙවීම හැර සතුව වෙනත් විකල්පයක් නොමැති බවට සයිබර් ආරක්ෂණ විද්වතුන් අනතුරු අගවනවා.

AHM – ජාත්‍යන්තර සිසුන් – සාමාන්‍ය ගණුදෙනුකරුවන් ඇතුලු ලක්ෂ 40 කට ආසන්න සමස්ත පාරිභෝගිකයන් පිරිසකගේ දත්ත අනවසර පිවිසීමකට ලක්ව ඇතැයි තහවුරු වී තිබීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කිසියම් අයුරකින් සයිබර් ප්‍රහාරකයන් විසින් සොරා ගනු ලැබූ දත්ත ප්‍රසිද්ධියට පත් කලහොත් ඔස්ටේ‍රලියානුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු නිරාවරණය වී දැවැන්ත අර්බුදයක් හටගනු ඇති බවත් විද්වතුන් අවධාරණය කරනවා.

මීට පෙර වාර්තා වී තිබුණේ ගිගාබයිට් 200 ක දත්ත වංචාවකට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් නවතම අනාවරණයත් සමග කොපමණ වංචාවත් සිදුවී ඇතිද යන්න තහවුරු කරගැනීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සමග එක්ව කටයුතු කරමින් සිටින බව Medibank සඳහන් කලා.

මේ අතර පවතින තත්වය හමුවේ මෙම මාසයට යෙදී තිබූ Premium ඉහළ දැමීම ලබන වසර දක්වා කල් දැමීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »