
වාර්ෂික පුහුණු නිපුණතා (skilled visa) වීසා කෝටාව 79,600 සිට 142,400 දක්වා ඉහළ දැමීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව මුහුණ දෙමින් සිටින බරපතල පුහුණු ශ්‍රමික ගැටලූව විසඳීම එහි අරමුණ බවයි ලබන වසර සඳහා වන ෆෙඩරල් අයවැය ඉදිරිපත් කරමින් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ.
sponsored, skilled independent, regional, state and territory nominated visa යන සියලු කාණ්ඩ ආවරණය වන පරිදි මෙම කෝටාව සකස් වනු ඇති.

මෙය දැනට ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ වෙන් කර ඇති 195,000 ක කෝටාවට අමතරව ලබාදෙන්නක් වනවා.
වීසා අයදුම්පත් සළකා බැලීම වේගවත් කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට තවත් ඩොලර් මිලියන 576 ක මුදලක්ද වෙන් කෙරුණා.

වාර්ෂික දෙමාපිය වීසා සංඛ්‍යාවද 4500 සිට 8500 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය හරහා යෝජනා කර තිබෙනවා.
කෙසේවෙතත් partner සහ child වීසා සංඛ්‍යාව නොවෙනස්ව පවතිනු ඇති.