Child care සඳහා අයවැයෙන් ගාස්තු සහනයක්

මිළ අඩු Child care ක්‍රමයක් හඳුන්වාදීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුරැකුම් මධ්‍යස්ථාන වෙත ළමුන් යොමුකර ඇති පවුල් සියයට 96 කට පමණ සෙත සැළසෙන නව වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කෙරෙනු ඇති.

මේ සඳහා වසර 04 කදී වැය කිරීමට යෝජිත මුදල ඩොලර් බිලියන 4.7 ක්.

Child care ගාස්තු සහනයක් ලබාදී හැකිතාක් දරුවන් ඊට යොමුකර දෙමව්පියන්ට වැඩි වශයෙන් රැකියාවල නිරතවීමට ඉඩකඩ සැලසීමයි මෙහි අරමුණ වන්නේ.

වසරකට ඩොලර් 80,000 ට වඩා අඩු ආදායමක් සහිත පවුල් සඳහා දැනට හිමිවන සියයට 85 ක ගාස්තු සහනය ලබන ජූලි මාසයේ සිට සියයට 90 දක්වා ඉහළ දැමීමටද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

එතැන් සිට ආදායම වැඩිවන සෑම ඩොලර් 5000 ක් සඳහාම සියයට 01 බැගින් සහනය අඩු වන අතර ඩොලර් 530,000 ක වාර්ෂික ආදායමක් හෝ ඊට වැඩියෙන් ලබන දෙමව්පියන්ට සහනයක් හිමිවන්නේ නැහැ.

මේ අතර ලබන වසරේ සිට paid parental leave ලෙස සති 20 ක්ද 2026 වසර වනවිට සති 26 ක්ද නිවාඩු ලබාදීමේ යෝජනාවද මෙවර ෆෙඩරල් අයවැයට ඇතුළත් වුණා.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »