Search

ඔස්ටේ්‍රලියාව තුළ බෙදීමට නත්තල් තෑගි පාර්සල් භාරගන්නා අවසාන දින ප්‍රකාශයට

නත්තල් සමය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ තෑගි පාර්සල් බෙදා හැරීමට භාරගන්නා අවසාන දින Australia Post විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 12 වනදාට පෙර සියලු පාර්සල් යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

Express Post යටතේ බෙදාහැරීමට භාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 19 වනු ඇති.

කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියාව සහ Northern Territory සඳහා මෙම දින වකවානු වෙනස් වනවා.

ඒ අනුව සාමාන්‍ය තැපෑල සඳහා දෙසැම්බර් 07 වනදාද සඳහා දෙසැම්බර් 14 වනදාට පෙරද පාර්සල් භාරදිය යුතුයි.

ප්‍රාන්තය තුළම බෙදා හැරීම සඳහා නත්තල් කාඩ් භාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 19 වන අතර වෙනත් ප්‍රාන්තයක් සඳහා එය දෙසැම්බර් 15 වනදා වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »