Search

වසර 02 කට පසු බටහිර ඔස්ටේ්‍රලියා එන නැවේ පිරිසකට කොවිඩ්

කොවිඩ් සමයෙන් පසු බටහිර ඔස්ටේ්‍රලියාව වෙත පැමිණෙන පළමු මගී ප්‍රවාහන නෞකාවේ මගීන් අතුරින් කිහිප දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට නෞකාවෙන් පිටතට නොගොස් දින 05 ක් හුදකලාව සිටින ලෙසයි දන්වා ඇත්තේ.

අනෙක් සියලුම මගීන් රැපිඩ් පරීක්ෂණවලට භාජනය කිරීමන් අනතුරුව කොරල් ප්‍රින්සස් නෞකාවෙන් පිටතට යාමට අවසර දීමටයි බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

මගීන් 2000 කට ආසන්න පිරිසක්ද සමග මෙම නෞකාව මේ වනවිට බටහිර ඔස්ටේ‍රලියාවේ බෲම් වරාය දක්වා පැමිණෙමිනුයි පවතින්නේ.

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත කොවිඩ් රෙගුලාසි අනුව නෞකාවේ මුලු මගීන් අතුරින් සියයට 10 කට වඩා කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගත හොත් සියලුම මගීන් රැපිඩ් පරීක්ෂණවලට ලක් කල යුතු වනවා.

මගී ප්‍රවාහන නෞකා මගින් ඔස්ටේ්‍රලියාව වසරකට ඩොලර් බිලියන 05 කට වැඩි මුදලක් උපයන අතර කොවිඩ් සමයේදී එය අඩාලව පැවතුණා.

අනතුරුව එක් එක් ප්‍රාන්තය නෞකා සඳහා අවසර දීම ආරම්භ කල අතර එලෙස අවසර දුන් අවසාන ප්‍රාන්තය වන්නේද බටහිර ඔස්ටේ්‍රලියාවයි.

මේ අතර කොවිඩ් සමයෙන් පසු පළමුවරට මගී ප්‍රවාහන නෞකාවක් ටස්මේනියාවේ හෝබාට් වරාය වෙත අද පෙරවරුවේ පැමිණ තිබුණා.

මගීන් 3000 කට ආසන්න පිරිසක් එහි පැමිණි අතර ඉදිරි මාස 06 තුළදී 150,000 කට ආසන්න මගීන් පිරිසක් හෝබාට් දක්වා පැමිණීමටයි වෙන්කරවා ගැනීම් සිදුකර ඇත්තේ.

 

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »