ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් නිවෙස්වලටම භාණ්ඩ බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය ක්වීන්ස්ලන්ඩ් දක්වාද ව්‍යාප්ත කිරීමට Coles තීරණය කර තිබෙනවා.
එය පළමුවෙන් අත්හදා බැලීම ගෝල්ඩ් කෝස්ට් නගරයේදී ලබන 02 වනදා සිට සිදු කිරීමට නියමිතයි.
පළමු අධියරේදී තෝරාගත් ප්‍රදේශ 03 ක පදිංචිකරුවන් වෙත මෙලෙස භාණ්ඩ බෙදා හැරෙනු ඇති.
පාන් – එළවලු – පළතුරු ඇතුලු Coles නිෂ්පාදන 500 කට ආසන්න ප්‍රමාණයක් විනාඩි කිහිපයක් තුළදි නිවසටම ලබාදීමයි මෙහිදී සිදුවන්නේ.
Coles විසින් පසුගිය මාර්තු මාසයේදී කැන්බරා නගරයේදී මෙය පළමුවරට ආරම්භ කරනු ලැබුවා.
KFC විසින්ද ඩ්‍රෝන යානා යොදාගනිමින් ආහාර ඇණවුම් බෙදාහැරීම මේ වනවිට ප්‍රදේශ රැසකදී සිදුකරමිනුයි පවතින්නේ.