
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා සුපිරි 12 තරගය පැවැත්වෙන අද පර්ත් නගරයේ යහපත් කාළගුණ තත්වයක් පවතින බව කාළගුණ අනාවැකියේ දැක්වෙනවා.
ඒ අනුව අද දිනය තුළ පර්ත් නගරයට වැසි ඇද හැලීමේ සම්භාවිතාවය සියයට 02 ත් 10 ත් අතර ඉතා අවම අගයකයි පවතින්නේ.
2018 වසරේ ජනවාරි 21 වන දින විවෘත කරන ලද මෙම නව Optus ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු ක්‍රිකට් තරගය ලෙසද මෙය වාර්තා වේ.

මේ දක්වා මෙම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරග 6 ක් පමණක් පවත්වා ඇති අතර එම තරග හයෙන් පහක්ම ජයග්‍රහණය කර ඇත්තේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම බව සඳහන්.
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පර්ත් හිදී රාත්‍රී 07 ට එනම් මෙල්බන් වේලාවෙන් රාත්‍රී 10 ටයි ආරම්භවීමට නියමිතව ඇත්තේ.

සුපිරි 12 වටයේ මෙම කණ්ඩායම් 02 ම මේ වනවිට එක් තරගය බැගින් සහභාගී වී තිබෙනවා.
අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර නවසීලන්තයට එරෙහි තරගයෙන් ඔස්ටේ්‍රලියාව පරාජයට පත්වුණා.
අයර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා නොකල පැතුම් නිස්සංක අද තරගයට සහභාගී වනු ඇති බව සඳහන්.
කෙසේවෙතත් නවසීලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියා කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයටද එක්වනු ඇති බවටයි ක්‍රිකට් වාර්තා මත පළකරන්නේ.