
Medibank දත්ත වංචාවේදී පැහැර ගැනීමට ලක්ව ඇති දත්ත ප්‍රමාණය තක්සේරු කර තිබූ ප්‍රමාණයට වඩා වැඩි බව හෙළි කරගෙන තිබෙනවා.
AHM සහ ජාත්‍යන්තර සිසුන්ට අමතරව සාමාන්‍ය ගණුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත පවා ඔවුන් විසින් පැහැරගෙන ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.
මීට පෙර වාර්තා වී තිබුණේ ගිගාබයිට් 200 ක දත්ත වංචාවකට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් නවතම අනාවරණයත් සමග කොපමණ වංචාවත් සිදුවී ඇතිද යන්න තහවුරු කරගැනීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සමග එක්ව කටයුතු කරමින් සිටින බව Medibank සඳහන් කලා.
මේ අතර පවතින තත්වය හමුවේ මෙම මාසයට යෙදී තිබූ Premium ඉහළ දැමීම ලබන වසර දක්වා කල් දැමීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.
