ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 506ක් ආගිය අතක් නෑ..

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 506ක් ආගිය අතක් නෑ..

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1,034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. අනෙකුත් ආසාදිතයන් මෙතෙක් හමුවී නැහැ.

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1,725ක් සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ සිදු කර තිබේ. එම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් නිරෝධානය සඳහා නිවාසවලට යොමු කර තිබේ.

නමුත් එම සේවකයන් ලබා දී ඇති ලිපින හා ජංගම දුරකථන අංක ඇතැම්වා වැරැදි බව අනාවරණය වී තිබේ.