රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය.

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ සහයෝගය හිමිවී තිබූහ.

බොරිස් ජොන්සන්හට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ද රිෂි සුනාක්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය.

හිටපු බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (23) කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් පක්ෂයේ නායක වීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර ටෝරි (කන්සර්වටිව්) මන්ත්‍රීවරු 100 දෙනෙක් ගේ සහාය පෙනී මෝර්ඩන්ට්ට ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇයද නායකත්ව තරඟයෙන් ඉවත් විය.

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත් වෙමින් තමගේ සම්පූර්ණ සහාය රිෂි සුනාක්ට ලබා දෙන බව ප්‍රකාශ කළාය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.

කන්සවර්ටිව් පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ රිෂි සුනාක් අද(24) රාත්‍රියේ හෝ හෙට(25) උදෑසන බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස කන්සවර්ටිව් පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.

ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.

එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාස ගත වන බව පැවසේ.

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රිෂි සුනාක් ගේ ප්‍රධාන සහ පළමු කාර්යය වන්නේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම බවත්  භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් එම ධුරය දිගටම කටයුතු කරන ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »