ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම වේගයකින් වර්ධනය වන ආසියානු ප්‍රජාව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම වේගයකින් වර්ධනය වන ජන ප්‍රජාව බවට නේපාල ජාතිකයන් පත්වි තිබෙනවා.

2016 වසරේ සිට ගතවූ වසර 05 තුළදී මෙරට නේපාල ජාතිකයන් සංඛ්‍යාව සියයට 124 කින් වර්ධනය වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 124 ක ඉහළයාමක් වනවා.

ඔස්ටේ්‍රලියාවේ සිටින නේපාල ජාතිකයන් අතුරින් සියයට 48 ක් පමණම වාසය කරනුයේ සිඩ්නි නගරයේ වන අතර සියයට 15 ක් මෙල්බන් නගරයේද – සියයට 06 ක් ඇඩිලේඩ් නගරයේද පදිංචි වී සිටිනවා.

බ්‍රිස්බන් සහ කැන්බරා නගරවල සියයට 05 බැගින්ද / පර්ත් සහ හෝබාට් නගරවල සියයට 03 බැගින්ද / ඩාර්වින් නගරයේ සියයට 02 ක් ද වාසය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව ප්‍රාදේශී කලාපවලද කුඩා ජන කොට්ඨාශ ලෙසින් නේපාල ජාතිකයන් ජීවත්වනු දැකිය හැකියි.

1996 සිට 2006 දක්වා නේපාලයේ පැවති සිවිල් යුධ තත්වය හමුවේ විශාල පිරිසක් ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමත් සමගයි මෙරට තුළ නේපාල ප්‍රජාවේ සීඝ්‍ර වර්ධනයක් ආරම්භ වන්නේ.

මේ අතර සිඩ්නි නගරයේ පළමු හින්දු පාසල විවෘත කිරීමටද විධිවිධාන සකස් වෙමින් පවතිනවා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »