
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එක් වරක් භාවිත ප්ලාස්ටික් තහනමේ මීලග අධියර ලබන පළමුවනදා සිට බලාත්මක වනවා.
ඒ අනුව ප්ලාස්ටික් බීම බට – හැඳි ගෑරුප්පු මෙන්ම Cotton bud භාවිතයද තහනම් වනු ඇති.
පාරිභෝගිකයන් වෙත ඒවා සපයන ව්‍යාපාරික ආයතන වෙත ඩොලර් 11,000 ක දඩයක් නියම කෙරෙන අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් පවා ගැනීමට අවස්ථාව පවතිනවා.

වසරකට පරිසරයට එකතුවන දිරාපත් නොවන තනි භාවිත ප්ලාස්ටික් ප්‍රමාණය බිලියන 2.7 ක් වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කසළ අතුරින් සියයට 60 ක් එම අපද්‍රව්‍ය බවයි පැවසෙන්නේ.
නිවු සවුත් වේල්ස් හි ප්ලාස්ටික් තහනමේ පළමු අධියර පසුගිය ජූනි පළමුවනදා සිට බලාත්මක වූ අතර ෂොපිං බෑග් තහනම් කිරීම ඒ යටතේ සිදුවුණා.
