ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා සුපිරි 12 තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා.

පර්ත් හිදී රාත්‍රී 07 ට එනම් මෙල්බන් වේලාවෙන් රාත්‍රී 10 ටයි එය ආරම්භවීමට නියමිතව ඇත්තේ.

සුපිරි 12 වටයේ මෙම කණ්ඩායම් 02 ම මේ වනවිට එක් තරගය බැගින් සහභාගී වී තිබෙනවා.

අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර නවසීලන්තයට එරෙහි තරගයෙන් ඔස්ටේ්‍රලියාව පරාජයට පත්වුණා.

අයර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා නොකල පැතුම් නිස්සංක අද තරගයට සහභාගී වනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් නවසීලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියා කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයටද එක්වනු ඇති බවටයි ක්‍රිකට් වාර්තා මත පළකරන්නේ.

මේ අතර ප්‍රමෝද් මදුශාන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් වුවද අද තරගයේදී ඔහු විවේක ගැන්වීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අශේන් බණ්ඩාර අද තරගය සඳහා ක්‍රීඩා නොකරන අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයේදී වේග පන්දු යවන්නන් ලෙස ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රෙමා්ද්‍ය වික්‍රමසිංහ පවසන්නේ පර්ත් ක්‍රීඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට එක්වන අවසන් 11 දෙනා තීරණය කිරීමට නියමිත බවය.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »