
අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ලේබර් පක්ෂ රජයේ පළමු අයවැය ලේඛණය අද රාත්‍රී 07.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
සංක්‍රමණ ප්‍රතිපත්ති – බදු සහ සුභසාධක අරමුදල් පිළිබඳවයි මෙවර වැඩි අවධානයක් යොමුවී ඇත්තේ.
අද ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැයේදී සංක්‍රමණ නීති වෙනස්කම් සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්වනු ඇති බවට අනාවැකි පළවනවා.

පසුගිය ස්කොට් මොරිසන් රජය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වසර 04 කට වෙන් කර තිබූ ඩොලර් මිලියන 875 ක මුදලක් කපා හැර තිබූණා.
එමගින් වීසා අයදුම්පත් සළකා බැලීමේ කාලයද සීඝ්‍රයෙන් ඉහළ ගිය බවටයි චෝදනා එල්ල වූයේ.

මෙම තත්වය වළක්වාලීම සඳහා වත්මන් ලේබර් රජය විසින් ඩොලර් මිලියන 36.1 ක පිරිවැයක් දරා වීසා නිළධාරීන් තවත් 500 දෙනෙකු සේවයට බඳවා ගැනීමටයි යෝජනා කෙරුණේ.
ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමද අද අයවැයේදී සිදුවනවා.
දැනට සළකා බැලීමට ඉතිරිව පවතින වීසා අයදුම්පත් සංඛ්‍යාව 872,000 කට ආසන්නයි.
160,000 ක්ව පැවති වාර්ෂික පුහුණු නිපුණතා ශ්‍රමික කෝටාව තවත් 35,000 කින් වැඩි කිරීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමද අද අයවැයේදී සිදුවනු ඇති.
එමෙන්ම වසර 04 කදී ඔස්ටේ්‍රලියාවට භාරගන්නා ඇෆ්ඝන් සරණාගතයන් සංඛ්‍යාව 16,500 කින් වැඩි කිරීම සඳහා මුදල් වෙන් කිරීමද මෙවර අයවැයෙන් සිදුකිරීමට නියමිතයි.
එහිදී පසුගිය ලිබරල් සන්ධාන රජය යෝජනා කළ තුන්වන අදියරේ බදු කප්පාදුව ඉවත් කරන්නේද, සංශෝධනය කරන්නේද, නැතහොත් එලෙසම ඉදිරියට ගෙන යන්නේද පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
අදාළ බදු සහනවල අවසාන අධියර හෙවත් තුන්වන අදියර 2024 දී බලාත්මක කිරීමට නියමිත අතර බොහෝ පිරිසකගේ බදු අනුපාතය 30% දක්වා අඩු කරනු ඇති.
ඒ අනුව ඩොලර් 45,000 ත් ඩොලර් 200,000 ත් අතර ආදායමක් උපයන ඕනෑම අයෙකු සියයට 30 ක බදු අනුපාතයට යටත් වනවා.
මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව මෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට තම රජය කටයුතු කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා සඳහන් කලා.
මිල අඩු childcare පැකේජයක් ද මෙවර අයවැයට ඇතුළත් අතර ඒ අනුව ඩොලර් 53,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් සඳහා ළමා ආරක්ෂණ සහනාධාර අනුපාත වැඩි කිරීමට නියමිතයි.
ඒ අනුව මිල අඩු childcare පැකේජයක් ලබාදීමට මධ්‍යම රජය සූදානම් වන අතර මෙය 2023 ජූලි 1 දින සිට බලාත්මක කිරීමට නියමිතයි.
ඩොලර් 53,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් සඳහා ළමා ආරක්ෂණ සහනාධාර අනුපාත වැඩි කරනු ලබන අතර, ඉදිරි ඇස්තමේන්තු වලට අනුව මේ සඳහා ඩොලර් බිලියන 5.1 ක් වැය වනු ඇති.
Aged care අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හෙට ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් රජයේ අයවැය ලේඛනය හරහා ඩොලර් බිලියන 2.5 ක් වෙන් කිරීමට නියමිතයි.
වැටුප් වැඩිකිරීම්, වැඩිපුර රැකබලා ගන්නන් බඳවා ගැනීම, සියලුම Aged care නිවාස සඳහා පැය 24 පුරාවටම අදාළ ස්ථානයේ හෙදියක් තැබීම එම සැලසුමට ඇතුළත්.
දැනට සති 18 ක් ලෙස පවතින paid parental leave ක්‍රමය තවත් වසර 04 කදී සති 26 දක්වා ඉහළ නැංවෙන යෝජනාවද මෙවර අයවැයට ඇතුළත්.
සමාජ ආරක්ෂණ දීමනා ගෙවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 32.8 ක්.
Jobseeker දීමනා සඳහා ඩොලර් බිලියන 10.6 ක්ද වැඩිහිටි විශ්‍රාම වැටුප් සඳහා ඩොලර් බිලියන 11.8 ක මුදලක්ද වෙන් කෙරෙන බවයි ජිම් චාමර්ස් සඳහන් කලේ.