Search

බ්‍රිතාන්‍ය අගමැති ධුරය ඉන්දීය සම්භවයක් සහිත අයෙකුට යන ළකුණු

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වී තිබෙනවා.

ඒ එම පක්ෂයෙන්ම නායකත්ව සටනට ඉදිරිපත්ව සිටින ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට අවස්ථාව ලබා දෙමින්.

තමන්ට කන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍යධූරය වෙනුවෙන් තරග කිරීම සුදුසු නොවන බව ජොන්සන් පවසා තිබෙනවා.

කන්සර්වේටිව් පක්ෂයේ නායකයා වී අග්‍රාමාත්‍යධූරය ලබා ගැනිමට නම් අපේක්ෂකයෙකුට අවම වශයෙන් පක්ෂයේ මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වනවා.

මෙවර අවස්ථාව අතහැරිය ද බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ මීළග මහ මැතිවරණය පිලිබද අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යය භාරය සම්බන්ධයෙන් ඔහුට කෘතඥ වන බව රිෂී සුනක් පවසනවා.

බොරිස් ජොන්සන් නායකත්වය සටන අතහැරීම හමුවේ රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවටයි මේවනවිට මත පළ වන්නේ.

ඔහුට කන්සර්වේටිව් පක්ෂයේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය පරිදි මන්ත්‍රීවරුන්ගේ සහය පවතින බව ද වාර්තා වනවා.

එහෙත් ජාත්‍යන්තර විචාරකයන් මේවනවිට සැක පළ කරන්නේ බොරිස් ජොන්සන් පක්ෂය තුළ බෙදීමක් ඇති කරයිද යන්න පිළිබඳවයි.

බ්‍රිතාන්‍යයේ හිටපු චාන්සලර්වරයෙකු වන රිෂී සුනක් ධනවත් ව්‍යාපාරිකයෙකු ද වනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »