මෙල්බන් බසයකදී දැරියකට අතවර කල ආසියානුවෙකු සොයා විමර්ශන

මෙල්බන් නගරයේ බස් රථයක් තුළදී 15 හැවිරිදි දැරියකට ලිංගික හිංසන සිදුකල පුද්ගලයෙකු සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 11 වනදා Hoppers Crossing දුම්රිය ස්ථානය අසලින් රාත්‍රී 07.15 ට පමණ බස් රථයකට පිවිසුණු දැරියක මෙම අතවරයට ලක්වී ඇති බව සඳහන්.

මැද පෙරදිග පෙනුමක් ඇති සැකකරුගේ ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙතද නිකුත් කර තිබෙනවා.

ඔහු වයස අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන්නෙකු වන අතර කෙටි කොණ්ඩයක් සහිත අයෙකු වනවා.

සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ඉල්ලා සිටින්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »