සහකාර​ වීසා බලපත්‍ර (Partner visas) සඳහා නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත.

සහකාර​ වීසා බලපත්‍ර සඳහා නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත. New English language requirements announced for partner visas.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය හවුල්කරුවන්ට ස්ථිර වීසා බලපත්‍රයක් ලබා දීම සඳහා ඔවුන්ට ඉංග්‍රීසි කථා කළ හැකි බව නිරූපණය කිරීමට සිදුවනු ඇත.

සහකාර​ වීසා බලපත්‍ර අයදුම්කරුවන් සහ ඔවුන්ගේ සහකරුවන් හෝ සහකාරින්, ඔවුන් ස්ථිර පදිංචිකරුවෙකු නම්, ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සාධාරණ උත්සාහයක් ගෙන ඇති බව නිරූපණය කළ යුතුය.

වීසා අවශ්‍යතාවයේ වෙනසක් සිදුවී ඇත්තේ පසුගිය දශකය තුළ ඉංග්‍රීසි භාෂාව හොඳින් කථා කිරීමට නොහැකි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමෙන් පසුව බව ආගමන විගමන අමාත්‍ය Alan Tudge නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“2021 අග භාගයේ සිට, නව හවුල්කාර වීසා බලපත්‍ර අයදුම්කරුවන් සහ ස්ථිර පදිංචිකරුවන්ගේ අනුග්‍රාහකයන්ට ක්‍රියාකාරී මට්ටමේ ඉංග්‍රීසි(Functional English) තිබිය යුතුය. නැතහොත් ඔවුන් ඉංග්‍රීසි ඉගෙනීමට සාධාරණ උත්සාහයක් ගෙන ඇති බව නිරූපණය කළ යුතුය” යනුවෙන් Tudge පැවසීය.

“AMEP හරහා නොමිලේ ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වන අතර​ පැය 500 ක් සම්පූර්ණ කිරීමෙන් ජනතාවට මෙය නිරූපණය කළ හැකිය.”

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »