ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ට ලැබෙන රැකියා ගැන වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට වඩා ඉහළ අධ්‍යාපන මට්ටමක පසුවුවද ඔවුන්ගෙන් බහුතරයක් නිරත වී සිටිනුයේ සිය අධ්‍යාපන මට්ටමට වඩා පහළ රැකියාවල බව අනාවරණ වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති ප්‍රතිශතය සියයට 56 ක් බවයි.

එහෙත් විදේශයන්ගෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ගේ එම ප්‍රතිශතය සියයට 63 ක් ලෙසයි පවතින්නේ.

ඉන්දියාව – බංග්ලාදේශය වැනි රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් සියයට 82 ක් / අමෙරිකානුවන්ගෙන් සියයට 74 ක් සහ චීන ජාතිකයන්ගෙන් සියයට 66 කට උසස් අධ්‍යාපන සුදුසුකම් සහිතවූවන් බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් විදේශයන්හි ඉහළ උපාධි ඇති ඇතැමුන්ට පවා ඔස්ටේ්‍රලියාව තුළදී සුදුසුකම් ගැටලු හේතුවෙන් රියදුරු හෝ අවන්හල් සේවක වැනි රැකියාවල නිරතවීමට සිදුවන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට ඔස්ටේ්‍රලියානුවන් උසස් අධ්‍යාපනය කරා යොමුවීමේ ඉහළ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා.

දැනට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 11 කට වඩා වෘත්තීමය සහ තෘතීයික අධ්‍යාපන සුදුසුකම් ඇති බව සඳහන්.

එය 2016 වසර හා සැසඳීමේදී සියයට 20 ක ඉහළයාමක්.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »