ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවේ නම ලෝකෙටම ගෙනගිය පවුලක්

ඔස්ටේ්‍රලියාවේ වාසය කරමින් ශ්‍රී ලංකාව කෙරෙහි ගෞරවයක් ඇතිකල පවුලක් පිළිබඳ වික්ටෝරියා Cobram ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා.

ජනප්‍රිය ක්‍රිකට් පුහැණුකරුවෙකු වන ළහිරු ප්‍රනාන්දු – ඔහුගේ බිරිඳ වන චලනි ප්‍රනාන්දු සහ දියණියන් වන හමීෂා සහ සහානා ප්‍රනාන්දු ඔවුන් 04 දෙනායි.

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ළහිරු ප්‍රනාන්දු වසර කිහිපයකට පෙර ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී මෙරටදී ඉහළ දක්ෂතා දක්වන්නෙකි.

ඔහුගේ බිරිඳ වන චලනි ප්‍රනාන්දු දක්ෂ සූපවේිදිනියක වන අතර ශ්‍රී ලාංකික ආහාර ඔස්ටේ්‍රලියානුවන් අතර පවා ප්‍රචලිත කිරීමට ඇය කටයුතු කරමින් සිටී.

ආහාර සඳහා අවශ්‍ය කුලුබඩු ඇය විසින්ම නිෂ්පාදනය කර ගන්නා අතර බොහෝ එළවලු ගෙවත්තේදීම වගා කර ඇත.

VIDEO : https://youtu.be/OodyJ6FTooM

වැඩිමහල් දියණිය වන හමීෂා ප්‍රනාන්දු ගණිත අංශයෙන් ඉහළ දක්ෂතා දක්වන අතර එක් අන්තර්ජාල තරගයකදි සමස්ත ඔස්ටේ්‍රලියාවෙන්ම 03 වන ස්ථානය දිනාගෙන තිබේ.

යම් දිනක අභ්‍යවකාශ විද්‍යාඥවරියක විම තමන්ගේ සිහිනය බව ඇය පවසයි.

VIDEO : https://www.facebook.com/LFCricket/videos/our-daughter-made-us-proud/208208677215105/

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »