Search

සතියකදී 000 වෙත හිංසන ඇමතුම් 248 ක් දුන් මෙල්බන්වාසියෙකු අත්අඩංගුවට

සතියක කාලයක් තුළදී වික්ටෝරියා ගිලන් රථ සේවයට හිංසනකාරී දුරකථන ඇමතුම් 248 ක් ලබාදුන් මෙල්බන්වාසියෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

73 හැවිරිදි සැකකරු පළමුවර අත්අඩංගුවට ගෙන පොලිස් භාරයෙන් නිදහස් කිරීමෙන් පසුවද 000 අමතා කරදරකාරී ඇමතුම් ලබාදී ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඒ අනුව නැවත වරක් මෙම තැනැත්තා පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම පුද්ගලයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

මොහුට එරෙහිව චෝදනා කිහිපයක් ගොණු කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කරනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »