හෙට ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයට ඇතුළත්විය හැකි සහ සහන කිහිපයක් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මිල අඩු childcare පැකේජයක් ලබාදීමට මධ්‍යම රජය සූදානම් වන අතර මෙය 2023 ජූලි 1 දින සිට බලාත්මක කිරීමට නියමිතයි.
ඩොලර් 53,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් සඳහා ළමා ආරක්ෂණ සහනාධාර අනුපාත වැඩි කරනු ලබන අතර, ඉදිරි ඇස්තමේන්තු වලට අනුව මේ සඳහා ඩොලර් බිලියන 5.1 ක් වැය වනු ඇති.
Aged care අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හෙට ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් රජයේ අයවැය ලේඛනය හරහා ඩොලර් බිලියන 2.5 ක් වෙන් කිරීමට නියමිතයි.
වැටුප් වැඩිකිරීම්, වැඩිපුර රැකබලා ගන්නන් බඳවා ගැනීම, සියලුම Aged care නිවාස සඳහා පැය 24 පුරාවටම අදාළ ස්ථානයේ හෙදියක් තැබීම එම සැලසුමට ඇතුළත්.
දැනට සති 18 ක් ලෙස පවතින paid parental leave ක්‍රමය තවත් වසර 04 කදී සති 26 දක්වා ඉහළ නැංවෙන යෝජනාවද මෙවර අයවැයට ඇතුළත්.