Search

ඕස්ට්‍රේලියා සිහිනය උණවටුනේදී බොඳ වෙයි

BOAT NAVY

නිති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙම හතළිස්තුන් දෙනාම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන්ගෙන් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර හත් දෙනෙක් කාන්තාවන්ද තිදෙනෙක් ළමයින්ද වෙති.

මෙම පිරිස පුල්මුඩේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතරව සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ වව්නියාවෙන් බස් රථයක රැගෙන ගාල්ල උණවටුනට පැමිණ හෝටලයක නතරව සිටියදි මෙසේ අත් අංගුවට ගෙන ඇත.

මෙම සියලු දෙනාම අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »