වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් සම්බන්ධ පිළිකා පර්යේෂණයක් වෙනුවෙන් ඩොලර් මිලියන 35 ක මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී තමා නැවත බලයට පත්වුවහොත් එම යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.
පූර්ව අවධියේදීම පිළිකා හඳුනාගත හොත් එය සුව කිරීමට පහසු බැවින් මෙම යෝජනාව වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.
ඉදිරි වසර 04 ක කාලය සඳහායි මෙම මුදල වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට ඇත්තේ තවත් දින 34 ක් පමණයි.