වැටුප් වැඩිවීමක් ගැන මුදල් ඇමතිගෙන් ඉගියක්

ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව ඔස්ටේ්‍රලියානුවන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට තවත් වසර 02 ක් පමණ ගතවිය හැකි බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

ලබන අගහරුවාදා දිනයට යෙදී ඇති ලබන වසර සඳහා වන අයවැය ලේඛණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

දෙසැම්බර් වනවිට උද්ධමනය සියයට 7.75 දක්වා වැඩි වනු ඇති බවත් ලබන වසරේ මැද භාගය වනවිට එය සියයට 5.75 ක් පමණ දක්වා අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කලා.

සමාජ ආරක්ෂණ දීමනා ගෙවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 32.8 ක්.

Jobseeker දීමනා සඳහා ඩොලර් බිලියන 10.6 ක්ද වැඩිහිටි විශ්‍රාම වැටුප් සඳහා ඩොලර් බිලියන 11.8 ක මුදලක්ද වෙන් කෙරෙන බවයි ජිම් චාමර්ස් සඳහන් කලේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »