Search

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

හෝබාට් හිදී පස්වරු 03 ට එය ආරම්භවීමට නියමිතයි.

හෝබාට් නගරයට අද දිනයේදී වර්ෂා කාළගුණයක් පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.

කෙසේවෙතත් මෙම වර්ෂා තත්වය අද (23) පෙරවරුවේ ඇතිවිය හැකි බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 03 ටයි.

කිසියම් අයුරකින් වර්ශාව හමුවේ තරගය අතහැර දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ළකුණ බැගින් පිරිනැමෙනු ඇති.