Search

තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

ඉදිරි සති දෙක තුළ රථ වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරත පුද්ගලයින්ගෙන් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගෙන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කරන බවය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව කියා සිටියේ ය.

පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465 කට ආනයන සීමා පනවමින් පසුගිය අගෝස්තු 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු භාණ්ඩ සංඛ්‍යාව 708 කි.

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »