සුපිරි 12 වටයේ ශ්රී ලංකාව සහභාගීවන පළමු තරගය පැවැත්වෙන හෝබාට් නගරයට හෙට දිනයේදී වර්ෂා කාළගුණයක් පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.
එහි සම්භාවිතාව සියයට 60 ත් 70 ත් අතර විය හැකි බවටයි කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් මෙම වර්ෂා තත්වය හෙට (23) පෙරවරුවේ ඇතිවිය හැකි බව සඳහන්.
ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 03 ටයි.
කිසියම් අයුරකින් වර්ශාව හමුවේ තරගය අතහැර දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්රසාද ළකුණ බැගින් පිරිනැමෙනු ඇති.