
අධ්‍යයන පාඨමාලා සඳහා අනිවාර්ය රැකියා පුහුණූ කාලසීමාවේදී ඇතැම් ආයතන විසින් දීමනාවක් නොගෙවිම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළදී සිසුන් දැඩි අපහසුතාවයකට පත්වන බව අධ්‍යයනයකදි අනාවරණ වී තිබෙනවා.
විශේෂයෙන් social work වැනි අංශවලින් අධ්‍යාපනය හදාරන සිසුන් වැඩි වශයෙන් මෙම ගැටලුවට මුහුණ දෙන බව සඳහන්.
ඇතැම් සිසුන්ට පැය 1000 ක පමණ රැකියා පුහුණුවක් අනිවාර්යව පවතින අතර එම කාලය තුළදී කිසිදු දීමනාවක් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ වියදම් පියවා ගැනීම දැඩි දුෂ්කරතාවයකට පත්වී තිබෙනවා.

ඉහළ යන ආහාර මිළ – නිවාස කුළී ගාස්තු වැඩිවීම හමුවේ සිසුන් අමතර පීඩනයකට ලකත්ව ඇති බවයි මෙම අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ.
පවතින තත්වය සැළකිල්ලට ගෙන ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් සිසුන්ට කිසියම් දීමනාවක් ගෙවීම සඳහා අවධානය යොමු කර ඇති බවටද වාර්තා පළවනවා.
