ලබන අගහරුවාදා ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැයේදී සංක්‍රමණ නීති වෙනස්කම් සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්වනු ඇති බවට අනාවැකි පළවනවා.
පසුගිය ස්කොට් මොරිසන් රජය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වසර 04 කට වෙන් කර තිබූ ඩොලර් මිලියන 875 ක මුදලක් කපා හැර තිබූණා.
එමගින් වීසා අයදුම්පත් සළකා බැලීමේ කාලයද සීඝ්‍රයෙන් ඉහළ ගිය බවටයි චෝදනා එල්ල වූයේ.
මෙම තත්වය වළක්වාලීම සඳහා වත්මන් ලේබර් රජය විසින් ඩොලර් මිලියන 36.1 ක පිරිවැයක් දරා වීසා නිළධාරීන් තවත් 500 දෙනෙකු සේවයට බඳවා ගැනීමටයි යෝජනා කෙරුණේ.
ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමද ලබන අගහරුවාදා අයවැයේදී සිදුවනවා.
දැනට සළකා බැලීමට ඉතිරිව පවතින වීසා අයදුම්පත් සංඛ්‍යාව 872,000 කට ආසන්නයි.
160,000 ක්ව පැවති වාර්ෂික පුහුණු නිපුණතා ශ්‍රමික කෝටාව තවත් 35,000 කින් වැඩි කිරීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමද ලබන 25 වනදා අයවැයේදී සිදුවනු ඇති.
එමෙන්ම වසර 04 කදී ඔස්ටේ්‍රලියාවට භාරගන්නා ඇෆ්ඝන් සරණාගතයන් සංඛ්‍යාව 16,500 කින් වැඩි කිරීම සඳහා මුදල් වෙන් කිරීමද මෙවර අයවැයෙන් සිදුකිරීමට නියමිතයි.