Search

ඔස්ටේ්‍රලියාවේ තවත් සමාගමකට සයිබර් ප්‍රහාරයක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විදුලි සමාගමක් වන EnergyAustralia වෙත ද සයිබර් ප්‍රහාරයක් එල්ල වි තිබෙනවා.

එහි පාරිභෝගික ගිණුම් පද්ධතිය වන My Account වෙත මෙම අනවසර පිවිසීම සිදුවී ඇති අතර නිවාස සහ සුලු පරිමාණ ව්‍යාපාර ගිණුම් 323 ක තොරතුරු වෙත එහිදී අනවසර පිවිසීමක් සිදුවී ඇතැයි සඳහන්.

පාරිභෝගිකයන්ගේ නම් – ලිපින – විද්‍යුත් ලිපින – විදුලි හා ගෑස් බිල් අංක – දුරකථන අංක සහ ක්‍රෙඩිට් කාඩ් අංක මෙහිදී බාහිර පාර්ශව විසින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සැප්තැම්බර් 30 වනදා මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවද බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් අමතා ඒ බව දැනුම්දීමට පියවර ගෙන ඇති බවද EnergyAustralia නිවේදනය කර සිටිනවා.

තම පාරිභෝගික ගිණුම්වල මුරපද (Passwords) වහා වෙනස් කරන ලෙසයි EnergyAustralia විසින් පාරිභෝගිකයන්ට දන්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »