වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට සති අන්තයේදී දැඩි වර්ෂාධික කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල කිලෝමීටර් 3500 ක පමණ වෙරළ තීරයක් ආවරණය වන පරිදි මෙම අනාවැකිය නිකුත් කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ස්ථාන රැසක ජල ගැලීම් ඇතිවිය හැකි බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති ජල ගැලීම් අනතුරු ඇගවීම් 50 කට වැඩි සංඛ්‍යාවක්ද – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අනතුරු ඇගවීම් 71 ක්ද තවදුරටත් බලාත්මකයි.
වික්ටෝරියා කාළගුණ අනාවැකිය – http://www.bom.gov.au/vic/warnings/
නිවු සවුත් වේල්ස් කාළගුණ අනාවැකිය – http://www.bom.gov.au/nsw/warnings/
ක්වීන්ස්ලන්ඩ් කාළගුණ අනාවැකිය – http://www.bom.gov.au/qld/warnings/