ජලගැලීම් නිසා එළවලු – පළතුරු මිළ වැඩිවීම මාස 06 ක් පවතිනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර කලාපයට බලපා ඇති ජල ගැලීම් හමුවේ එළවලු සහ පළතුරු මිළ ඉහළයාමේ උද්ධමනය සියයට 08 ක් පමණ වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසන්නේ ඉදිරි මාස 06 තුළදී මෙම තත්වයේ බලපෑම විඳදරා ගැනීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇති බවයි.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල වගාබම් රැසකට දැඩි ලෙස හානි සිදුවී තිබීම මීට හේතුවී තිබෙනවා.

වසර අවසානය වනවිට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 7.5 ක් දක්වා ඉහළ යනු ඇති බවටයි අමාත්‍යවරයා අනාවැකි පළකරන්නේ.

ලබන වසර සඳහා වන ඔස්ටේ්‍රලියා අයවැය ලේඛනය ලබන අගහරුවදා පාර්ලිම්න්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »