Search

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 කගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධවීමේ අවධානමක්

Medibank දත්ත වංචාවත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 ක් පමණ සිය පුද්ගලික වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත්වීමේ අවධානමකට ලක්වී ඇතැයි අනතුරු ඇගවෙනවා.

දත්ත සොරාගත් පිරිස් ඊයේ පවසා තිබුණේ තමන් විසින් ගිගාබයිට් 200 ක තොරතුරු සොරාගත් බවයි.

මෙම ප්‍රකාශය සත්‍යයක්දැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් දැනටමත් විමර්ශනයක් ආර්ම්භ කර ඇති අතර කිසියම් අයුරකින් එය සැබෑවක් නම් තත්වය බරපතල බවටයි අනාවැකි පළවන්නේ.

Medibank පවසන්නේ මෙලෙස පැහැර ගැනීමකට ලක්වී ඇත්තේ AHM සහ ජාත්‍යන්තර ශිෂ්‍ය තොරතුරු පද්ධතියේ දත්ත බවටයි.

පුද්ගල නාම – ලිපින – උපන්දින – Medicare අංක – දුරකථන අංක & claims තොරතුරු ඒ අතර වනවා.

කිසියම් අයෙකු කුමන රෝගයකට ප්‍රතිකාර ගනු ලැබුවේද සහ අදාළ ප්‍රතිකාර මෙන්ම – වෛද්‍ය මධ්‍යස්ථාන තොරතුරුද මේ අනුව නිරාවරණය විය හැකි බවට අනතුරු ඇගවෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »