තාවකාලික වීසා අයදුම්කරුවන්ට Visa Medical සහනයක්

ඔස්ටේ්‍රලියාවේ තාවකාලික වීසා අයදුම්කරුවන්ට වීසා සම්බන්ධ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සහ එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ වීසා කාණ්ඩ කිහිපයක් සඳහා තවදුරටත් එම අවශ්‍යතාවය පවතින බවයි.

වෛද්‍ය ප්‍රතිකාර, temporary protection වීසා බලපත්‍රයක් හෝ provisional වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලූම් කර ඇති අයදුම්කරුවන් මෙන්ම සංචාරක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අදහස් කරන වයස අවුරුදු 75 ට වැඩි අයදුම්කරුවන් ඊට යටත්.

වෛද්‍යවරයකු, දන්ත වෛද්‍යවරයකු, හෙදියක් හෝ පරිපූරක වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට හෝ අධ්‍යයනය කිරීමට අදහස් කරන අයදුම්කරුවන්ද තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු වනවා.

ඔස්ට්‍රේලියාවේ childcare මධ්‍යස්ථානයක සේවය කිරීමට හෝ පුහුණු වීමට අදහස් කරන අයදුම්කරුවන්ද ඒ සඳහා කටයුතු කල යුතු වනවා.

මෙය තාවකාලික තීරණයක් පමණක් වන අතර ලබන වසරේ මුලදී මෙම විධිවිධාන නැවත සමාලෝචනය කිරීමට නියමිතයි.

සෞඛ්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ –

  • 401 Temporary Work (Long Stay Activity)
  • 403 Temporary Work (International Relations)
  • 405 Investor Retirement
  • 407 Training
  • 408 Temporary Activity
  • 410 Retirement
  • 417 and 462 Working Holiday
  • 461 New Zealand Citizen Family Relationship (Temporary)
  • 476 Skilled – Recognised Graduate
  • 482 Temporary Skill Shortage
  • 485 Temporary Graduate
  • 500 Students
  • 590 Student Guardian
  • 600 Visitor
  • 870 Sponsored Parent (Temporary)
  • 995 Diplomatic (Temporary)

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »