කොවිඩ් සමයේදී සංක්‍රමණිකයන් සහ විදෙස් සිසුන් නොසළකා හැරි බවට චෝදනා

කොවිඩ් වසංගකයට ඔස්ටේ්‍රලියාව තුළදි අනුගමනය කෙරුණු ඇතැම් පියවර ඉතා දැඩි සහ දරුණු බවට නවතම වාර්තාවක් චෝදනා මාලාවක් එල්ල කර තිබෙනවා.

පාසල් විවෘත කර තැබිය යුතුව තිබූ බවත් – ලොක්ඩවුන් සහ ප්‍රාන්ත සීමා වසා තැබීම සරළ විය යුතුව තිබූ බවටත් එහි අන්තර්ගතයි.

වයෝවෘද්ධ ඔස්ටේ්‍රලියානුවන් නිසි පරිදි රැකබලා ගැනීමක් සිදුවී නොමැති බවත් ආර්ථික සහන සැපයීම සාධාරණව ඉටු කර නොමැති බවටත් මෙම ස්වාධීන වාර්තාවෙන් චෝදනා නගා තිබෙනවා.

ඇතැම් සේවකයන්ට නිවාඩු ලබා නොදී ඔවුන් සේවයේ යෙදවීම හරහා වෛරස ව්‍යාප්තිය වේගවත් වූ බවටයි මෙහිදී චෝදනා එල්ල වන්නේ.

ආර්ථික සහන සැපයීමේදී සංක්‍රමණිකයන් සහ විදෙස් සිසුන් නොසළකා හැර ඇති බවටද අදාළ ස්වාධීන වාර්තාව දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

අද වනවිට ඔස්ටේ්‍රලියාව මුහුණදී සිටින දැඩි ශ්‍රමික හිගයට බලපෑ ප්‍රධාන සාධකය වී ඇත්තේද කොවිඩ් සමයේදී නිසි උපකාර නොමැතිවීමෙන් පුහුණු ශ්‍රමිකයන් ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවීම බවද මෙම වාර්තාව එල්ලකර ඇති ප්‍රධාන චෝදනාවක්.

JobKeeper වැනි දීමනා ගෙවීමේදී ඇතැම් අත්‍යවශ්‍යම පිරිස් වෙත ඒවා ලැබී නොමැති බවයි මෙහි සඳහන් වන්නේ.

වසංගත තත්වයකදී Aged care සහ Child care අංශ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ වැදගත්කමද මෙහි අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »