
පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයේදී තරග වැදීමට සිදුවන්නේ ඔස්ටේ්‍රලියාවද ඇතුළත් පළමු ඛාණ්ඩය යටතේයි.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන ඉරිදා හෝබාර්ට් හිදී පස්වරු 03 ට ආරම්භ වනු ඇති.

එදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද පැවැත්වන මූලික වටයේ බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගන්නා කණ්ඩායමයි.
අනතුරුව එළඹෙන 25 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය පර්ත් හිදී පැවැත්වෙන්නේ රාත්‍රී 07 ටයි.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ලබන 29 වනදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතයි.
එම තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.
නොවැම්බර් 01 වනදා බ්‍රිස්බන් හිදී ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය පස්වරු 02 ට පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිවයි.
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසාන තරගය නොවැම්බර් මස 05 වනදා පැවැත්වෙන්නේ එංගලන්ත කණ්ඩායම සමගයි.
එය සිඩ්නි ක්‍රීඩාංගණයේදී එදින රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතයි.