ඔස්ටේ්‍රලියාවේ ඇල්කොහොල් සම්බන්ධ මරණ හා දිවිනසාගැනීම් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ ඇල්කොහොල් සම්බන්ධ මරණ සහ සිය දිවි හානිකර ගැනීම් කැපී පෙනෙන අගයකින් ඉහළගොස් තිබෙනවා.

2020 වසර හා සැසඳීමේදී එම මරණ ප්‍රතිශතය සියයට 5.8 කින් වැඩිවී ඇති අතර එය පසුගිය වසර 10 ක කාලය තුළදී ඉහළම අගය ලෙසයි සටහන් වන්නේ.

එමෙන්ම අඛණ්ඩව 02 වන වසරටත් ඔස්ටේ්‍රලියාව තුළ මරණවලට හේතු අතර 15 වන ස්ථානයට සිය දිවි නසාගැනීම් පත්ව ඇති අතර එම ප්‍රතිශතයද ඉහළ අගයක් ගෙන තිබෙනවා.

2020-2021 කාලසීමාවට අදාලව ඔස්ටේ්‍රලියාවේ සිදුවූ මරණ 171,469 කට හේතු පිළිබඳ වාර්තාවක් සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබුවා.

ඊට අනුව පසුගිය වසරේ මෙරට සිදුවූ මරණවලට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ හදවත් රෝග තත්වයනුයි.

ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා රෝග තත්ව 02 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පුද්ගලයන් ලක්ෂයකට 12 දෙනෙකු සිය දිවි හානිකර ගෙන ඇති බවත් එය 2020 වසර හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් බවත් මෙම වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ මරණ සඳහා හේතු සැළකීමේදී 34 වන හේතුව බවට පත්වී ඇත්තේ කොවිඩ් වසංගතයයි.

https://twitter.com/ABSStats/status/1582536484782977026?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1582536484782977026%7Ctwgr%5Ed5ea4700b67faa15c9ec21f7c61eb629e89c9c25%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralian-bureau-of-statistics-causes-of-death-2021-covid19-suicide-alcohol-induced-death%2F9dfd827e-d184-42b3-bcb8-d932a13979e1

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »