ඕස්ට්‍රේලියාවේ 2020 අයවැයෙන්, ඔබේ වැටුප අනුව​ Tax ගෙවීමේදී ලැබෙන වාසි! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ 2020 අයවැයෙන්, ඔබේ වැටුප අනුව​ Tax ගෙවීමේදී ලැබෙන වාසි!

ඕස්ට්‍රේලියාවේ 2020 අයවැයෙන්, ඔබේ වැටුප අනුව​ Tax ගෙවීමේදී ලැබෙන වාසි!

ඕස්ට්‍රේලියාවේ 2020 අයවැයෙන්, ඔබේ වැටුප අනුව​ Tax ගෙවීමේදී ලැබෙන වාසි! Tax cuts for 11 million Australians.

අපේක්ෂා කළ පරිදි, දැනටමත් නීතිගත කර ඇති පුද්ගලික ආදායම් බදු කප්පාදුවේ දෙවන අදියර 2022 ජූලි වෙනුවට මේ වසරේ ජූලි 1 වන දිනට වෙනස් කර ඇත​.

එක් පුද්ගලයෙකුට  එක් වරක් පමණක් ලබා ගත හැකි ඩොලර් 1080 ක් දක්වා වටිනාකමින් යුත් වරප්‍රසාදයක් මිලියන 10 කට අධික බදු ගෙවන්නන්ට ප්‍රමාණයකට​ ලබා ගත හැකිය.

බදු අඩු කිරීමේ සැලැස්මේ 2 වන අදියර යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන අයට 2017-18 නීතිරීතිවලට සාපේක්ෂව මේ වසරේදී තනි පුද්ගලයින් සඳහා ඩොලර් 2745 ක් සහ ද්විත්ව ආදායම්ලාභී පවුල් සඳහා ඩොලර් 5490 ක් දක්වා බදු සහන ලැබේ.

බදු කප්පාදුව යටතේ:
– ඩොලර් 37,000 දක්වා උපයන අයට ඩොලර් 510 ක බදු සහනයක් ලැබේ.
– ඩොලර් 37,001 ත් 48,000 ත් අතර ආදායමක් උපයන අයට ඩොලර් 510 ත් 2160 ත් අතර බදු සහන ලැබේ.
– ඩොලර් 48,001 ත් 90,000 ත් අතර ආදායමක් උපයන අයට ඩොලර් 2160 ත් 2295 ත් අතර බදු සහන ලැබේ.
– ඩොලර් 90,001 ත් 126,000 ත් අතර ආදායමක් ලබන අයට ඩොලර් 2295 ත් 2745 ත් අතර බදු සහන ලැබේ.

COMMENTS