ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 3/5 ක් ඉතිරි කරන්නන් බව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 3/5 කට පමණ යහපත් ඉතිරි කිරීමේ පුරුදු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මාසයකට ඉතිරි කරන මුදලේ සාමාන්‍යය ඩොලර් 743 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

පිරිමි අයෙකු ඩොලර් 749 ක් ලෙසද කාන්තාවක ඩොලර් 658 ක් ලෙසද එලෙස මුදල් ඉතිරි කරන බව සඳහන්.

සියයට 50 ක පමණ පිරිසක් කුමන හෝ අවස්ථාවකදී මුදල් ඉතිරි කරන බවත් සියයට 13 ක් සෑම විටම ඉතුරුම් සඳහා යොමුවන බවත් මෙහිදී අනාවරණ වුණා.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 10 ක් එනම් ලක්ෂ 24 ක් පමණ කිසිදු ඉතිරියක් නොකර තමන්ට ලැබෙන සෑම ඩොලරයක්ම වියදම් කරන්නන් බවද මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.

ආර්ථික අපහසුතා ඇති අවස්ථාවකදී හෝ හදිසි ආපදාවකදී හෝ හදිසි රෝගී අවස්ථාවකදී භාවිතයට ගැනීම පිණිස කිසියම් මුදල් ඉතුරුවක් පවත්වාගෙන යෑම වැදගත් බවයි මෙම අධ්‍යයනය සිදුකල Finder ආයතනය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »