රජ පවුලම ඔස්ටේ්‍රලියා සංචාරයකට සැරසෙයි

මහා බ්‍රිතාන්‍යයේ 03 වන චාර්ල්ස් රජු ඇතුලු සමස්ත රාජකීය පවුලම ඔස්ටේ්‍රලියාවේ සංචාර සඳහා පැමිණෙන ළකුණු පළවී තිබෙනවා.

රජු සහ කැමිලා රැජිණ 2024 දීත් විලියම් කුමරු – කේට් කුමරිය සහ දරුවන් 03 දෙනා ලබන වසරේදී හෝ 2024 වසරේදීත් මෙම සංචාර සඳහා එක්වනු ඇති බව සඳහන්.

2024 වසරට යෙදී ඇති නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ 200 වන සංවත්සර උළෙල සැමරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධ්ත අමුත්තන් ලෙසයි රජු සහ රැජිණ පැමිණිමට නියමිතව ඇත්තේ.

කිසියම් අයුරකින් චාර්ල්ස් රජු මෙම සංචාරයට එක්වුවහොත් ඔස්ටේ්‍රලියා භූමියට පැමිණි පළමු බ්‍රිතාන්‍ය රජු ලෙසද ඔහු ඉතිහාස ගතවනු ඇති.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් අතුරින් අවසන්වරට මෙරටට පැමිණ තිබුණේ හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව වන අතර ඒ 2018 වසරේදීයි.

අනතුරුව විලියම් කුමරු සහ කේට් කුමරිය 2020 වසරේදී ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිතව සිටියද කොවිඩ් වසංගත තත්වය හමුවේ එය අවලංගු කෙරුණා.

කෙසේවෙතත් ඔවුන් ලබන වසරේදි හෝ 2024 වසරේදී ඔස්ටේ්‍රලියා සංචාරයකට පැමිණෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙම සංචාර 02 ටම අදාළ මූලික එකගතා සාකච්ඡා මේ වනවිටත් අවසාන අධියරට එළැඹ ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »