
මාස 06 ක් තුළදී ඔස්ටේ්‍රලියාව තුළ උකස් ණය වාරික ආදායම සියයට 35 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අඛණ්ඩව අවස්ථා 06 කදී සිදුකල පොළී අනුපාත ඉහළ දැමීම් සමග වාරික අගයන් වැඩිවීමත් සමගයි.
වසර 30 ක කාලයක් සඳහා ඩොලර් ලක්ෂ 05 ක ණයක් ගෙන ඇති පුද්ගලයෙකුට ඩොලර් 730 ක පමණ වාරික වැඩිවීමක් මේ අනුව සිදුවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව අදාළ වාරිකයක් මේ වනවිට ඩොලර් 2833 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
අඛණ්ඩව 07 වන වරටත් ඔස්ටේ්‍රලියාව තුළ ලබන මාසයේදීත් පොළී අනුපාතිකයන් ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
