2022 The booker සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට

ග්‍රන්ථ කතෘන් සඳහා පිරිනැමෙන ලොව ඉහළම සම්මානයක් වන ද බුකර් සම්මානය 2022 වසර සඳහා දිනාගැනීමට ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචක ශෙහාන් කරුණාතිලක සමත්වී තිබෙනවා.

ඔහු විසින් රචනා කරන ලද ද සෙවන් මුන්ස් ඔෆ් මාලි අල්මේදා නම් ග්‍රන්ථයටයි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ ආර්යාව වන කැමිලා රාජිනිය අතින් ශෙහාන් කරුණාතිලක එය ලබාගනු ලැබුවා.

අවසාන වටය සඳහා පොත් 06 ක් තෝරාගෙන තිබූ අතර ජයග්‍රාහකයාට ස්ටර්ලිං පවුම් 50,000 ක මුදලක්ද අනෙක් කතුවරුන් 05 දෙනාට පවුම් 2500 බැගින්ද හිමිවනු ඇති.

ශ්‍රී ලංකාවේ යුධ වාතාවරණය පැවති සමයේ සිදුවීම් අළලා ශෙහාන් කරුණාතිලක විසින් ද සෙවන් මුන්ස් ඔෆ් මාලි අල්මේදා ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය.

ඒ 1992 වසරේ ‘ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) කෘතිය සඳහායි.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »